පරීක්ෂණය ආරම්භ කරන්න
පරීක්ෂණය අවසන්!
පිළිතුරු පරීක්ෂා කරන්න
නැවත උත්සාහ කරන්න
විවරණය බලන්න
08:00
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) ආදර්ශ පරීක්ෂණය
විද්‍යාව I
කාලය : මිනිත්තු 08 යි
උපදෙස්:
* සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
* අංක 1 සිට 5 දක්වා ඇති ප්‍රශ්නවල දී දී ඇති (1), (2), (3), (4) යන පිළිතුරු වලින් නිවැරදි හෝ වඩාත්ම ගැළපෙන පිළිතුර තෝරා ගන්න.
1. මිනිස් සිරුරේ ස්කන්ධය අනුව වැඩිම ප්‍රතිශතයකින් අඩංගු මූලද්‍රව්‍යය වන්නේ,
(1) කාබන්
(2) හයිඩ්රජන්
(3) ඔක්සිජන්
(4) නයිට්රජන්
2. ශාකයක නව සෛල ඇති කරමින් ශාකයේ වර්ධනයට සෘජුවම දායක වන පටක වර්ගය කුමක්ද?
(1) මෘදුස්තර පටකය
(2) විභාජක පටකය
(3) ස්ථිර පටකය
(4) දෘඩස්තර පටකය
3. මිනිසාගේ අක්මාව හා පේෂි තුළ ශක්තිය ගබඩා කරගන්නා පොලිසැකරයිඩය වන්නේ,
(1) පිෂ්ටය
(2) සෙලියුලෝස්
(3) ග්ලයිකොජන්
(4) ග්ලුටන්
4. පිෂ්ටය හඳුනාගැනීම සඳහා භාවිත කරන්නේ මින් කුමක්ද?
(1) බෙනඩික්ට් ද්‍රාවණය
(2) අයඩීන් ද්‍රාවණය
(3) බයියුරෙට් ප්‍රතිකාරකය
(4) සුඩාන් III
5. සෛල බිත්තිවල කොන්වල පමණක් සෙලියුලෝස් හා පෙක්ටින් තැන්පත් වී ඝන වී ඇති ජීවී පටකය කුමක්ද?
(1) මෘදුස්තර පටකය
(2) දෘඩස්තර පටකය
(3) ස්ථූලකෝණස්තර පටකය
(4) ශෛලම පටකය
පිළිතුරු පරීක්ෂා කර ලකුණු බලන්න