ජීවයේ රසායනික පදනම

හැඳින්වීම

ජීවීන්ගේ දේහ විවිධ රසායනික සංයෝග රැසකින් සමන්විත වේ. ස්වභාවිකව පවතින මූලද්‍රව්‍ය 92 අතරින් 25ක් පමණ ජීව දේහ තුළ අඩංගු වේ. මෙයින් ප්‍රධාන වශයෙන්ම දායක වන්නේ කාබන් (C), හයිඩ්‍රජන් (H), ඔක්සිජන් (O) සහ නයිට්‍රජන් (N) යන මූලද්‍රව්‍ය හතරයි.

මීට අමතරව සල්ෆර්, පොස්පරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, අයඩින් සහ යකඩ වැනි මූලද්‍රව්‍ය ද ජීව ක්‍රියාවලීන් සඳහා අත්‍යවශ්‍ය වේ.


මිනිස් සිරුර ප්‍රධාන වශයෙන්ම ජලය වලින් (ජීවීන්ගේ ශරීර බරෙන් 2/3 ක්‌ පමණ ) සමන්විත වන අතර, ජල අණුවක ස්කන්ධයෙන් වැඩි ප්‍රමාණයක් ඔක්සිජන් වලට හිමිවේ. මේ නිසා සිරුරේ මුළු ස්කන්ධයෙන් වැඩිම ප්‍රතිශතයක් දරන්නේ ඔක්සිජන් මූලද්‍රව්‍යයයි.

ප්‍රධාන මූලද්‍රව්‍යවල දායකත්වය (ස්කන්ධය අනුව):

ජීවී දේහයක අඩංගු සංයෝග

ජීවී දේහය නිර්මාණය වී ඇති රසායනික සංයෝග ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට බෙදිය හැකිය.

කාබනික සංයෝග : අකාබනික සංයෝග :

1. කාබොහයිඩ්රේට

මූලද්‍රව්‍ය සංයුතිය: උදාහරණ මගින් පැහැදිලි කිරීම: විශේෂ කරුණු:
විභාග උපදෙස්: බොහෝ විට කාබොහයිඩ්රේට හඳුනා ගැනීමට ඇති ප්‍රධානතම ලක්ෂණය වන්නේ මෙම 2:1 අනුපාතයයි.
පොදු අණුක සූත්‍රය: Cx(H2O)y


කාබොහයිඩ්රේට සංයෝග සැදී ඇති ආකාරය අනුව ඒවා ප්‍රධාන කොටස් තුනකට වර්ග කළ හැකිය.

පාඩම මතක තබා ගැනීමේ කෙටි ක්‍රම (Mnemonics)

1. ප්‍රධාන මූලද්‍රව්‍ය 4 මතක තබා ගැනීමට

මිනිස් සිරුරේ වැඩිම ස්කන්ධයක් දරන මූලද්‍රව්‍ය පිළිවෙළින් (වැඩිම සිට අඩුම දක්වා):

O - C - H - N

(මතක තබා ගන්න: "O-C-H-N")

2. කාබොහයිඩ්රේට වර්ගීකරණය:
මොනොසැකරයිඩ (G-F-G)
  • Glucose (ග්ලූකෝස්)
  • Fructose (පෘක්‌ටෝස්)
  • Galactose (ගැලැක්ටෝස්)
ඩයිසැකරයිඩ (M-S-L)
  • Maltose (මෝල්ටෝස්) (G+G)
  • Sucrose (සුක්‍රෝස්) (G+F)
  • Lactose (ලැක්ටෝස්) (G+Gal)
පොලිසැකරයිඩ (S-C-G)
  • Starch (පිෂ්ටය)
  • Cellulose (සෙලියුලෝස්)
  • Glycogen (ග්ලයිකොජන්)

සාරාංශය

  • ජෛව මූලද්‍රව්‍ය: C, H, O, N (ප්‍රධාන) සහ අනෙකුත් ලවණ වර්ග.
  • සංයෝග වර්ග:
    • කාබනික සංයෝග: කාබොහයිඩ්රේට, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලෙයික් අම්ල, විටමින්.
    • අකාබනික සංයෝග: ජලය, ඛනිජ ලවණ, CO2, CO, කාබනේට, බයිකාබනේට.
  • කාබොහයිඩ්රේට වල විශේෂත්වය:
    • අඩංගු මූලද්‍රව්‍ය: C, H, O
    • H : O අනුපාතය: 2 : 1
  • පරීක්ෂණ:
    • පිෂ්ටය + අයඩීන් ⟶ තද නිල් / දම් පැහැය